Announcement
Anura Kumara Dissanayake  ·  2026-08-03 11:30

Telegram @akdofficial

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සමඟ හමුවකට අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. මෙහිදී එම නියෝජිතයින් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලෛයගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතරම, විධායක ජනාධිපති ක්‍රමයද අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය බවත්, එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බවත් මෙහිදී පෙන්වා දුන් අතර, ඒ වෙනුවෙන් වූ කතිකාවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළෙමි. විවිධ ජන ප්‍රජාවන් වෙන් වෙන්ව තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන රටක් ගොඩනැගීමේ පදනම වත්මන් රජය යටතේ මේ වන විට ස්ථාපිත වී ඇති බවත්, පසුගිය කාල සීමාව තුළ කිසිදු ජාතිවාදී ගැටුමක් රට තුළ ඇති නොවූ බවත් මෙහිදී පෙන්වා දෙමින් නිශ්චිතව පාර්ලිමේන්තුවට වග කියන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම අපේක්ෂාව බවත් අවධාරණය කළෙමි. පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධව තේරීම්කාරක සභාවක් පත් කර තිබෙන බවත්, මතුව ඇති ගැටලු පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළෙමි. මලෛයගම් ප්‍රජාවට ඉඩමක අයිතිය ලබා දීම සහ ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම අරමුණ වන බවත්, ඉදිරියේදී වතු සමාගම් සමග එළැඹෙන ගිවිසුම්වලදී මලෛයගම් ජනතාවට ඉඩමක නීත්‍යානුකූල අයිතිය ලබා දීම පිළිබඳ වගන්ති ඊට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළෙමි. මෙම සියලු ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ මධ්‍ය කඳුකරයේ තිරසාර පැවැත්ම සහතික කරමින් බවද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නෙමි. එමෙන්ම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙනුවෙන් මෙම වසරේ වෙන් කළ ප්‍රතිපාදනවලට වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් 2027 අයවැයෙන් වෙන් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළෙමි. යුද්ධයෙන් නිවාස අහිමි වූ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් විසඳමින් එම ජනතාව වෙනුවෙන් අදියර දෙකක් යටතේ නිවාස 13,000ක් ඉදි කිරීමට 2027 සහ 2028 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බවද සඳහන් කළෙමි. මෙවැනි සාකච්ඡාවක් සඳහා සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ සතුටු වන අතරම, රටේ පොදු ගැටලුවලදීද මේ අයුරින් කටයුතු කිරීමට සියලු දෙනා වෙත මෙහිදී ආරාධනා කළෙමි. தமிழ் மற்றும் முஸ்லிம் அரசியல் கட்சிகள் 06 இணைந்து உருவாக்கிய கூட்டணியின் பிரதிநிதிகளுடன் இடம்பெற்ற சந்திப்பில் இன்று (03) முற்பகல் ஜனாதிபதி அலுவலகத்தில் கலந்துகொண்டேன். இதன்போது குறித்த பிரதிநிதிகளினால், முழுமையான அரசியலமைப்புத் திருத்தத்தைக் கொண்டுவருதல், மாகாண சபைத் தேர்தலை நடத்துதல் தொடர்பாக எழுந்துள்ள பிரச்சினைகள், வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களிலும், மலையக மக்கள் முகங்கொடுத்துள்ள காணிப் பிரச்சினைகள் தொடர்பாகவும் கருத்துகள் முன்வைக்கப்பட்டன. அரசியலமைப்பைத் திருத்துவதுடன் நிறைவேற்று அதிகாரமுடைய ஜனாதிபதி முறையும் ஒழிக்கப்பட வேண்டுமென்பதே அரசாங்கத்தின் நிலைப்பாடாகும் எனவும், எனினும் இச்சந்தர்ப்பத்தில் அவசரமாகக் கொண்டுவரப்படும் அரசியலமைப்புத் திருத்தத்தை விட புதிய மக்கள் இணக்கப்பாடொன்றை ஏற்படுத்திக் கொள்வதே அவசியமானது என்றும் இதன்போது சுட்டிக்காட்டியதுடன், அது தொடர்பான கருத்தாடலைத் தொடங்குவதற்கான தேவையையும் தெளிவுபடுத்தினேன். வெவ்வேறு மக்கள் சமூகங்கள் தனித்தனியாகத் தமது தேவைகளுக்காகச் செயற்படுவதற்குப் பதிலாக, இலங்கையர்களாக இணைந்து செயற்படும் ஒரு நாட்டை உருவாக்குவதற்கான அடித்தளம் தற்போதைய அரசாங்கத்தின் கீழ் ஸ்தாபிக்கப்பட்டுள்ளதாகவும், கடந்த காலத்தில் எத்தகைய இனவாத மோதல்களும் நாட்டில் இடம்பெறவில்லை எனவும் இங்கு சுட்டிக்காட்டியதுடன், பாராளுமன்றத்திற்குப் பொறுப்புக்கூறும் ஆட்சி முறையொன்றை உருவாக்குவதே எதிர்பார்ப்பு எனவும் வலியுறுத்தினேன். மாகாண சபைத் தேர்தல்களை நடத்துவது தொடர்பில் தெரிவுக்குழுவொன்று நியமிக்கப்பட்டுள்ளதாகவும், எழுந்துள்ள பிரச்சினைகள் குறித்து அவர்களுடன் கலந்துரையாட எதிர்பார்ப்பதாகவும் குறிப்பிட்டேன். மலையக மக்களுக்கு காணி உரிமை வழங்குவதும் அவர்களின் பிரச்சினைகளுக்குத் தீர்வு காண்பதும் நோக்கமாகும் என்றும், எதிர்காலத்தில் பெருந்தோட்ட கம்பனிகளுடன் எட்டப்படவுள்ள ஒப்பந்தங்களில் மலையக மக்களுக்குச் சட்டரீதியான காணி உரிமை வழங்குவது தொடர்பான சரத்துகளை அதில் உள்ளடக்க எதிர்பார்ப்பதாகவும் குறிப்பிட்டேன். இந்த அனைத்துப் பிரச்சினைகளுக்கும் மத்திய மலைநாட்டின் நிலைபேறான அபிவிருத்தியை உறுதி செய்யும் வகையிலேயே தீர்வு காணப்பட வேண்டும் என்பதையும் இங்கு மேலும் சுட்டிக்காட்டினேன்.

Notes