Telegram @akdofficial
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා සහභාගි වීමි. 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රජාශක්ති ඇතුළු ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතින්හි දිස්ත්‍රික් ප්‍රගතිය සහ 2027 මූල්‍ය අවශ්‍යතා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලීමි. එමෙන්ම, ගාල්ල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ අතර ගාල්ල පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය ඇතුළු රාජ්‍යය ආයතන 16 මහමෝදරට ගෙන යාම සහ මහමෝදර බන්ධාගාරය තාවකාලිකව පවත්වාගෙන යාමට ගත් තීරණය නැවත සලකා බැලීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට භාජනය කළෙමි. දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලුවක් වන පානීය ජල ගැටලුවට විසදුම් සෙවීම වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහිදී විමසා බැලූ අතර, දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීම වෙනුවෙන් සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධාරණය කළෙමි. ඉදිරි වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරිමට රජය සැලසුම් කර තිබෙන බවත්, එය 2024 වසරට සාපේක්ෂව තුන් ගුණයක පමණ ඉහළ අගයක් ගන්නා බවත් මෙහිදී පෙන්වා දුනිමි. වැඩි මුදල් ප්‍රමාණයක් රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැය කිරීම ජනතාවගේ පාර්ශවයෙන් කිසිසේත් සාධාරණ නොවන බවත්, 9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ආර්ථික ඉලක්ක සකස් කර තිබෙන බවත් මෙහිදී සඳහන් කළෙමි. කිසිවෙකුගේ දීමනා කප්පාදු කිරීමට හෝ අඩු කිරීමට අපේක්ෂා නොකරන බවත්, භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය සහ උන්නතිය උදෙසා යෙදවීම අපේක්ෂාව බවත් අවධාරණය කරමින් අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීමට සියලු දෙනා තම වගකීම ඉටු කළ යුතු බවද අවධාරණය කළෙමි. ජාත්‍යන්තර වාර්තා තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ සමාජ දර්ශක පිළිබඳ ඇගයීම් යහපත් මට්ටමක පවතින බවත්, එක් යුගයක ණය ගෙවා ගත නොහැකිව, දූෂණය සහ සමාජ අපරාධ පිරුණු රටක් ලෙස ජාත්‍යන්තරයේ කතා බහට ලක් වු අපේ රට, අද ප්‍රශස්ත ආර්ථිකයක් සහිත සහ දූෂණය අවම වූ රටක් ලෙස ජාත්‍යන්තරය තුළ ඇගයීමට ලක්ව තිබෙන බවත්, ජාත්‍යන්තර වශයෙන් යහපත් ප්‍රතිරූපයක් පවත්වා ගනිමින් සියලු පුරවැසියන් නීතියට යටත්වන සහ ප්‍රශස්ත ආර්ථිකයක් සහිත රටක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළෙමි. காலி மாவட்ட செயலகத்தில் இன்று (28) பிற்பகல் நடைபெற்ற மாவட்ட விசேட ஒருங்கிணைப்புக் குழுக் கூட்டத்தில் கலந்துகொண்டேன். 2026 ஆம் ஆண்டு வரவு செலவுத்திட்ட நிதி ஒதுக்கீட்டின் கீழ் காலி மாவட்ட செயலகத்தால் நடைமுறைப்படுத்தப்பட்ட அபிவிருத்தித் திட்டங்கள் மற்றும் சமூக சக்தி உள்ளிட்ட பிரதான அபிவிருத்தித் திட்டங்களின் மாவட்ட ரீதியிலான முன்னேற்றம் மற்றும் 2027 ஆம் ஆண்டுக்கான நிதித் தேவைகள் குறித்து இதன்போது விரிவாக ஆராய்ந்தேன். மேலும், காலி நகர அபிவிருத்தித் திட்டம் நடைமுறைப்படுத்தப்படுவதன் முன்னேற்றம் தொடர்பிலும் விசேட கவனம் செலுத்தியதுடன், காலி பொலிஸ் நிலையம், தபால் நிலையம் உள்ளிட்ட 16 அரச நிறுவனங்களை மஹமோதர பகுதிக்கு இடமாற்றம் செய்வது மற்றும் மஹமோதர சிறைச்சாலையை தற்காலிகமாக நடாத்திச் செல்வதற்கு எடுக்கப்பட்ட தீர்மானத்தை மீளாய்வு செய்வது தொடர்பிலும் இதன்போது கலந்துரையாடினேன். மாவட்டத்தின் பிரதான பிரச்சினையாக விளங்கும் குடிநீர்ப் பிரச்சினைக்குத் தீர்வு காணும் வகையில் நடைமுறைப்படுத்தப்படும் திட்டங்களின் முன்னேற்றமும் இதன்போது மீளாய்வு செய்யப்பட்டதுடன், மாவட்டத்தில் செயற்படும் போதைப்பொருள் வலையமைப்பை முறியடிப்பதற்காக அனைத்து நிறுவனங்களும் இணைந்து செயற்பட வேண்டியதன் அவசியத்தையும் இங்கு வலியுறுத்தினேன். எதிர்வரும் ஆண்டுக்கான மூலதனச் செலவாக இரண்டு டிரில்லியன் ரூபாவை ஒதுக்க அரசாங்கம் திட்டமிட்டுள்ளதாகவும், இது 2024 ஆம் ஆண்டுடன் ஒப்பிடுகையில் சுமார் மூன்று மடங்காக அதிகரிக்கிறது என்பதையும் சுட்டிக்காட்டினேன். அதிகளவான தொகையை அரச செயற்பாடுகளுக்காக மாத்திரம் செலவிடுவது மக்களின் தரப்பிலிருந்து எந்த வகையிலும் நியாயமற்றது என்பதுடன், 9% மட்டத்தில் காணப்படும் மீண்டெழும் செலவுகளைக் குறைத்து, 4% ஆக உள்ள மூலதனச் செலவை அதிகரிப்பதைக் குறிக்கோளாகக் கொண்டு பொருளாதார இலக்குகள் நிர்ணயிக்கப்பட்டுள்ளதாகவும் இங்கு குறிப்பிட்டேன்.
Notes